මොනරාගල පොලිස් වසමට අයත් කුඹුක්කන අන්දරමණ්ඩිය පදිංචි අවුරුදු 12 මාස 06 වයසැති දැරියකට ලිංගික අතවරකළ 68 හැවිරිදි පුද්ගලයෙකු මොනරාගල පොලීසිය මඟින් ඉකුත් (20) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.
2022 වර්ෂයේ අගභාගයේ සිට දැරිය තනිව නිවසේ සිටින විට නිවස ආසන්නයේ පදිංචිව සිටින අයෙකු පැමිණ ඇයට වරින්වර ලිංගික අතවර සිදුකර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් 68 හැවිරිදි සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතුයොදා ඇත.
අතවරයට පත්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර තිබේ.
මොණරාගල සුමනසිරි ගුණතිලක